රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි රූමි මොහොමඩ් ගැන සෙවීමට කමිටුවක්

නොවැ 27, 2019

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි රූමි මොහොමඩ් මහතා ඖෂධ ගෙන්වීමේ දී හා බෙදාහැරීමේ දී සිදු කර ඇති දුෂණ, වංචා, මුල්‍ය අවභාවිතයන් සහ හොර රහසේම විදේශගතවීමට උත්සාහ දැරීම පිළිබදව වු වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ දැඩි අවධානය යොමුව ඇත.

    ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති රූමි මොහොමඩ් මහතා පිළිබද තමා දැඩි අවධානයෙන් සිටින බවත්, පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් කිසිවිටෙකත් රට හැර යාමට ඉඩ නොතැබීමට අවශ්‍ය පරිදි අදාල අංශ දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ඇය කියා සිටියාය.

    ඖෂධ ගෙන්වීමේ දී සහ බෙදාහැරීමේ දී සිදු කොට ඇති බවට පැවැසෙන දූෂණ, වංචා, මූල්‍ය අක්‍රමිකතාවන් පිළිබද සොයා බැලීම සදහා විශේෂ විමර්ශණයට කමිටුවක් පත් කරන ලෙස අමාත්‍යාංශයේ ලේකම් වෙත දැනුම් දුන් බවත් ඊට අදාල කටයුතු සිදු වෙමින් පවතින බවත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පෙන්වා දුන්නාය.

    Latest News