ජනපති අමෙරිකානු තානාපති හමුවෙයි

නොවැ 22, 2019

    මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ. 

    අමෙරිකානු තානාපතිනිය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    මෙම අවස්ථාව අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී මාර්ටින් කෙලී සහ දේශපාලන මෙහෙයුම් ප්‍රධානී ඇන්ටනී රෙන්සුල්ලි යන මහත්වරුන් ද සහභාගී වී තිබේ.

    මේ අතර මෙරට ජපාන තානාපති සුගියාමා අකිරා මහතා එම තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් ද අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සුහද කතාබහක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    Latest News