හිටපු අගමැතිගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

නොවැ 22, 2019

    දිවංගත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ දේහයට රාජ්‍ය ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එනු ලැබීය.

    දේහය, අද පස්වරු 1.00 සිට 3.00 දක්වා පාර්ලිමේන්තු උත්සව ශාලාවේ තැන්පත් කර තැබිණ. ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන්, කථානායකතුමන් ඇතුළු පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වූහ. මෙරට 14 වැනි අග්‍රාමාත්‍යවරයා වූ දි.මු. ජයරත්න මහතාගේ දේහය ගුවන් මගින් පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙන එනු ලැබුවේ ගම්පොළ නිවසේ සිට. දේහය පිළිගනු ලැබුවේ, කථානායකවරයා, අග්‍රාමාත්‍යතුමන් ඇතුළු මැති-ඇමතිවරුන් සහ දේශපාලන පක්‍ෂ නියෝජිතයන් විසින්. පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි උත්සව ශාලාවේ තැන්පත් කෙරුණු දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා, අග්‍රාමාත්‍යතුමා, අවසන් ගෞරව දැක්වූහ. කථානායකවරයා පාර්ලිමේන්තු මැති-ඇමතිවරුන් මෙන්ම දේශපාලන පක්‍ෂ නියෝජිතයන්, විදේශ තානාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන් හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඇතුළු පැමිණ සිටි පිරිස අවසන් ගෞරව දැක්වූහ. පස්වරු 3.00ට දේහය යළි ගුවන් මගින් ගම්පොළ නිවසට රැගෙන යනු ලැබීය. අවමංගල්‍ය උත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව ගම්පොළ හලිඅත්ත ක්‍රීඩාංගණයේ දී හෙට පස්වරුවේ සිදු කෙරේ.

    Latest News