අග්‍රාමාත්‍ය ලේකම් ධූරය ගාමිණි සෙනරත්ට

නොවැ 21, 2019

    නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් ගාමිණී සෙනරත් මහතා පත්කර තිබේ.

    ගාමිණි සෙනරත් මහතා සිය ධුරයේ රාජකාරි අද අරම්භ කළේය.

    ගාමිණී සේදර සෙනරත් මහතා මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා රජකාරි ඉටු කළේය. මහින්ද රාජපක්ෂ මහතා 2004 වර්ෂයේ දී අග්‍රාමාත්‍ය ධූරය දරන අවස්ථාවේදි අතිරේක ලේකම් වශයෙන් ද කටයුතු කර තිබේ.

    කැලණිය විශ්වවිද්‍යාලයේ මූලික උපාධිය හදාරා ඇති ගාමිණී සේදර සෙනරත් මහතා 1984 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය. ප්‍රථමයෙන් සහකාර ප්‍රාදේශීය ලේකම් වරයෙකු වශයෙන්ද ඉන්පසු ආගමන විගමන පාලක, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් යන තනතුරු ද හොබවා ඇත.  ඊට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ, ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ සහ මහජන බැංකුව යන ආයතන වල සභාපති ධුර දරමින් එම ආයතන දියුණු කිරීමට කටයුතු කර ඇත.

    කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳව පස්චාත් උපාධිධරයෙකු වන ඒ මහතා විදේශ පාඨමාලා රැසක් ද හදාරා ඇත.

    pmsecretery px 900 19 11 21

    Latest News