සියලු ජාතීන් මාතෘ භූමිය ආරක්‍ෂා කර ගැනීම සඳහා එක්වන්න; සුගත් හේවාපතිරණ

නොවැ 21, 2019

    අනාගත ස්වජාතික රාජ්‍යයක් ගොඩනැගීම සඳහා සියලු දෙනා අත්වැල් බැඳගන්නා ලෙස දේශප්‍රේමි එක්සත් ජාතික පක්‍ෂය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    එහි ලේකම් සුගත් හේවාපතිරණ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් අද කියා සිටියේ, සියලු ජාතීන් මාතෘ භූමිය ආරක්‍ෂා කර ගැනීම සඳහා එක්විය යුතු බවයි.

    එහිදී අදහස් දැක්වූ දේශප්‍රේමි එක්සත් ජාතික පක්‍ෂයේ ලේකම් සුගත් හේවා පතිරණ මහතා...

    “සජිත් ප්‍රේමදාස දේශද්‍රෝහි කඳවුරේ අපේක්‍ෂකයා වෙමින් මේ රට බෙදන්න ඉල්ලන ටී.එන්.ඒ. සංවිධානය, සුමන්දිරන්ලා එකතු කරගෙන දෙමළ ජනතාවගේ ඡන්දය ලබාගත්තා. දෙමළ ජනතාවගේ ඡන්දය 80%ක් සජිත් ප්‍රේමදාසට ලැබෙන කොට, අපි අපේ ගෞරවය, උත්තමාචාරය අපේ ප්‍රාණාමය පුදකරනවා. දේශප්‍රේමි ජනතාවක් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මේ රටේ දකුණේ ජනතාව සමඟ කෙලින් හිටගත්තා. මේ රටේ ජනයා විසින් ගොඩනඟන සිංහල, දෙමළ, මුස්ලිම් භේදයෙන් තොර වෙච්ච රාජ්‍යයත් එක්ක එකතු වෙන්න කියලා හකීම්ගේ, බදුයුදීන්ගේ, ටී.එන්.ඒ. බොරු ප්‍රචාරවලට රැවටිච්ච ජනයාට අපි ආරාධනා කරනවා මේ අපේ මාතෘභූමිය, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාට අයිති මාතෘ භූමිය හෙට දවසේ අපි ගෝඨාභය රාජපක්‍ෂ, මහින්ද රාජපක්‍ෂ ඇතුළු සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, පංච මහා බලවේගයත්, ශිෂ්‍ය සහ කම්කරු බලවේගත් එක්ක හෙට දවසේ නිර්මාණය කරන අනාගත, ස්වදේශීය රාජ්‍යය ගොඩනඟන්න අපිත් එක්ක අත්වැල් බැඳගන්න“ යැයි සුගත් හේවා පතිරණ මහතා පැවසීය.

    Latest News