ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ගාමිණී සෙනරත් මහතා නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කෙරේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුව සිටි ගාමිණි සේදර සෙනරත්‌ මහතා අග්‍රාමාත්‍ය ලේකම්‌ ලෙස නැවතත්‌ පත්‌ කෙරේ.

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් ගාමිණී සෙනරත් මහතා පත්කර තිබේ.

පසුගිය රජය සමයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කළේය.

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවට අදාළ අවසන් දේශන ජුනි මස 03 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියෝග කළේය.

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ විත්තිවාචකය නොකැඳවාම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තියේ නීතිඥවරු විසින් කර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 27 වන දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නිවේදනය කළේය.

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අද(01) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනිණ.

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශ ගත වීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහා අධිකරණය අද අවසර ලබාදුන්නා.

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව හෙට සිට දිනපතා විභාගයට ගන්නා බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කෙරිණ.

Latest News