මහින්ද රාජපක්ෂ අද අගමැති ධුරයේ දිවුරුම් දෙයි

නොවැ 21, 2019

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නව භාරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දෙයි.

    ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී. රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවී දැනුම් දීමට නියමිතයි. ඉන් අනතුරුවයි, ජනාධිපතිතුමා විසින් නව භාරකාර ආණ්ඩුව පත් කිරීමට නියමිතව ඇත්තේ. පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් 1.00ට අගමැති ධුරයේ දිවුරුම් දෙනු ඇති. සවස 3.00ට අගමැති කාර්යාලයේ දී වැඩ බාර ගැනීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 නොවැම්බර් 2019 07:38

    Latest News