ජනාධිපතිතුමා ආදර්ශවත් ඡන්ද ව්‍යාපාරයක් ඉදිරිපත් කළා; පොදුජන පෙරමුණ

නොවැ 20, 2019

    ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ආදර්ශවත් ඡන්ද ව්‍යාපාරයක් ජනතාවට ඉදිරිපත් කළ බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

    සමෘද්ධිමත් රටක් ගොඩනැඟීම සඳහා සියලු දෙනා අත්වැල් බැඳගත් බව ඔවුන් පෙන්වා දෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ නායකයින් කැඳවු මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් පළ කෙරිණි.

    ඩලස් අලහප්පෙරුම මහතා...

    “ ලංකා ඉතිහාසයේ පළමු වතාවට අපේ රාජ්‍යයේ විතරක් නෙමෙයි, ලෝකයේ ප්‍රබලම රාජ්‍ය යේ අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව පවා, එහි ප්‍රකාශිකාවන් පවා ඉතාම ලැජ්ජ නැති විධියට මේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පාවිච්චි කරන්න උත්සාහ ගත්තා අවසාන පැය 24. මේ සියල්ලම මැද්දේ මිලියන හතකට ආසන්න ජනතාවක් සත්‍යය තේරුම් ගත්තා. මිලියන හතකට ආසන්න ජනතාවක් චරිත ඝාතන ප්‍රතික්ෂේප කළේ ඊට නායකත්වය දුන්නු දේශපාලන චරිත දේශපාලනමය වශයෙන් මේ භුමියෙන් ඉවත් කරමින්. ඒ මිලියන හත පූජනීයයි“ යැයි ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

    දිනේෂ් ගුණවර්ධන මහතා...

    “ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඉතාමත් ආදර්ශමත් ඡන්ද ව්‍යාපාරයක් ලංකාවේ ජනතාවට ඉදිරිපත් කළා. පරිසර හිතකාමී, අනවශ්‍ය දැන්වීම් පත්‍රිකා ආදිය ඡන්ද ව්‍යාපාරයෙන් ඉවත් කරගැනීමට මූලාරම්භයක් කිරීම මැතිවරණ කොමිසමට ද එය ක්‍රියාත්මක කිරීමට හැකිවුණා“ යැයි දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    දයාසිරි ජයසේකර මහතා....

    “ අපේ පක්ෂය ගත්තු තීන්දුවට පිටතින් ගිහිල්ලා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය උපදේශිකාවක් විධියට අපේ පක්ෂයේ ක්‍රියාකරන එතුමිය සජිත් ප්‍රේමදාස මහතාට උදව් කරන තැනකට තල්ලු වුණා. එතුමිය සහ එතුමියත් එක්ක ගිය පිරිස අද ඔවුන්ට අත්වෙලා තියෙන ඉරණම මොකක්ද කියලා. මුල ඉඳලම කිව්වා මේ ක්‍රියාදාමය කරන්න එපා. හේතුව අද රටට අවශ්‍ය වෙලා තියෙනවා වෙනසක් අවුරුදු පහකට පස්සේ. ඒ වෙනස ඇති කරන්න අපි වැඩ කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියන කාරණය. මේ රටේ අති බහුතර ප්‍රගතිශිලි ජනතාව එකට එකතුවෙලා තීන්දුවකට ආවේ. එතුමිය අපේ අපේක්‍ෂකයින් ගණනාවක් අමාරුවේ දැම්මා. අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ගණනාවකුත් අමාරුවේ දැම්මා. සංවිධායකවරු ගණනාවකුත් එතුමිය අමාරුවේ දැම්මා“ යැයි දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    Latest News