රටේ ඉදිරි ගමන වෙනුවෙන් ජනාධිපතිට සියලු පාර්ශවයන්ගේ සහය හිමි විය යුතුයි - මහා සංඝ රත්නය

නොවැ 19, 2019

    රටේ ඉදිරි ගමන වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සියලු පාර්ශවයන්ගේ සහය හිමි විය යුතු බව මහා සංඝ රත්නය පවසති.

    එමගින් රට යළි ගොඩනැගීමේ කාර්ය ශක්තිමත්ව ඉදිරියට ගෙන යා හැකි බව මල්වතු හා අස්ගිරි පාර්ශවල අනු නා හිමිවරු වැඩිදුරටත් ප්‍රකාශ කරති.

    මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමි පළ කළ අදහස්...

    “මේ ජන ජනාධිපති ජනාධිපතිවරණයෙන් තමයි අපි දුටුවේ නැතිව මැතිවරණයත් එක්ක ප්‍රචණ්ඩත්වය සම්පූර්ණයෙන්ම නැතිව ගොස් ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී ශ්‍රී ලාංකිකයන්ට සතුටු විය හැකි මැතිවරණයක් මුළු ලංකාවටම නායකත්වය පත්වුණේ. ඒ නිසා දැන් ඒ නායකත්වය හැමදෙනාම භාරගන්නට ඕනේ. ඒ වගේම ඒ කාලසීමාව තුළ නායකයාට වැඩ කරගෙන යෑම සඳහා හැම දෙනාගේම සහයෝගය ලබාදෙන්නට ඕන. නායකත්වය විශේෂත්වය අපි දුටුව අනිකුත් තරගයට ඉදිරිපවූ අපේක්ෂකත්වයෙන් ඉතාමත් අගය කොට සලකනවා. පත්වූ නායකත්වය පිළි අරගෙන එතුමාලගෙ ගෞරවනීය ප්‍රසාදය පළ කිරීම ද වටිනා නායකත්වය ආදර්ශයක් වශයෙන් අපි දකිනවා. ඒ නිසා රටට යහපතක් වේවා කියලා මේ අවස්ථාව ප්‍රාර්ථනා කරනවා.”

    අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නා හිමි පළ කළ අදහස්...

    “මැතිවරණ කොමසාරිස්තුමාට, ඒවගේම හිටපු ජනාධිපති මෛත්‍රීපාලතුමාට, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය තුමාට ජනාධිපති ජයග්‍රහණය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපේ බලවත් වූ ප්‍රීතිය ප්‍රකාශ කරනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට භාර අරගෙන ඒ කටයුතු සිද්ධ කරනවා. ඒ සිද්ධ කරන අවස්ථාවේ කිසිම වර්ග භේද ජාති භේද කුල භේදයක් ඒ වගේම රට භේද කරන්නැතිව සමස්ථ ජනතාවට ඉතාමත් හොඳින් සලකමින් රටේ යහපත උදෙසා මේ රට සාමකාමී රටක් බවට පත්කරගැනීමට ඔබතුමන්ටත් කාර්ය මණ්ඩලයටත් අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටත් අපි බොහෝමත්ම ආයාචනා කරනවා. මේ කටයුත්ත හොඳින් කරගෙන නැවත ගොඩන නගා ගැනිමට කටයුතු කරන හැටියට.”

    Latest News