කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වීම සාධාරණ කරුනක් - පා.ම. එස්.එම්. චන්ද්‍රෙස්න

නොවැ 19, 2019

    කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වීම සාධාරණ කරුනක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

    ඔහු මෙහිදී පවසා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහනය වටා විශාල ජනමතයක් ගොඩ නැඟී ඇති බවයි. ඒ අනුව පාර්ලිමේන්තුව තුළද, එම ජනමතය ගොඩනැගීමට සඳහා අවස්ථාව ලබා දීම ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දුනී.

    මේ වන විට කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වීමෙන් ලොකු ඉඟියක් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් පැවසීය.

    Latest News