ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ දේශපාලනයට නව ව්‍යාකරණයක් එක්කළා; ඩලස් අලහප්පෙරුම

නොවැ 17, 2019

    සියලු ජනකොටස් සමඟ අත්වැල් බැඳ ගනිමින් රට ඉදිරියට ගෙනයාමට ක්‍රියාකරන ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටින බව දේශපාලන පක්‍ෂ නායකයන් සහ නියෝජිතයන් පවසනවා.

    ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින්, ඔවුන් මේ බව කියා සිටියා.

    එහිදී අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා...

    ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අපේ රටේ දේශපාලන සංස්කෘතියට අලුත් අර්ථ කථනයක් එකතු කළා. අපේ රටේ දේශපාලන සංස්කෘතියට නැවුම් ව්‍යාකරණයක් එකතු කළා. ඒ නිසාම මෙවර ජනාධිපතිවරණය අපේ රටේ ඉතිහාසයේ සටහන් වෙන්නේ ලංකාවේ ප්‍රචණ්ඩත්වය, එදිරිවාදිකම් අඩුම වූ මැතිවරණය විධියට. ගෞරවය ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අපේක්ෂකයා විධියටත් පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුලු සියලු බලවේගවලටත් ගෞරවය සමසේ බෙදී යායුතුයි“ යැයි ඩලස් අලහප්පෙරුම පැවසීය.

    දුමින්ද දිසානායක මහතා...

    දැන් ඔබතුමාට සහ අපිට ඒ ලබාදුන් පොරොන්දුව මේ රට නිවැරදි තැනකට ගෙන යන එක. ඒ නිසා සියලු ජාතීන් එකට අත්වැල් බැඳගත්ත සියලුම පාක්ෂිකයින් එකට අත්වැල් බැඳගත්ත මේ රට ඉදිරියට ගොඩනඟන්න ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට ඉදිරියටත් සහයෝගය ලබාදෙන්නත්, ලබාදුන්නු පොරොන්දු රට වෙනුවෙන් ඉෂ්ඨ කරන්න කියන පණිවුඩය ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට අපි ලබාදෙනවා“ යැයි දුමින්ද දිසානායක මහතා පැවසීය.

    තිස්ස විතාරණ මහතා....

    “ මේ රට අපේ අතට නැවත අරගෙන ආර්ථිකය අපිට ඕන ආකාරයට දුවමින් රටේ ජනතාවගේ පීඩනය අඩු කරමින් නියම සංවර්ධනයක් කරා යාමට අවස්ථාව උදාවුණා“ යැයි තිස්ස විතාරණ මහතා පැවසීය.

    Latest News