නිදහස් හා සාමකාමී රටක් වෙනුවෙන් 19 වැනි සංශෝධනය බිහි කළා; සාමකාමී ඡන්දයක් පැවැත්වීම හැකිවීම සතුටක්; අගමැති

නොවැ 16, 2019

    පළමු වරට නිදහස්, සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට මෙවර හැකි වූ බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ, ඒ සඳහා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉමහත් පිටිවහලක් වූ බවයි.

    අග්‍රාමාත්‍යතුමා අද සවස රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මුණගැසී සාකච්ජ කළේය. ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට අග්‍රාමාත්‍යතුමා සිය කෘතඥතාව පළ කළේය. අනතුරුව මාධ්‍යයට අදහස් පළ කළ වික්‍රමසිංහ මහතා...

    “ප්‍රථම වතාවට පේනවා කිසිම ප්‍රශ්නයක් නැතුව ඡන්දයක් තියෙන එක ගැන ජනාධිපතිවරණය. විශේෂයෙන්ම 19 වැනි සංශෝධනයේදී ඉදිරිපත් කළේ මේ රටට නිදහස් හා ස්වාධීන, සාමකාමී ඡන්ද ඇතිකරගන්න, ඒ වගේම ජනතාවට ඡන්දයක් කියන්නේ අලුත් ජනාධිපතිවරයෙක් තෝරන අවස්ථාව මිස හිරිහැරයක් මුහුණ දෙන අවස්ථාවක් නොවෙයි. අපි 19 වැනි සංශෝධනය ඉදිරිපත් සම්මත කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ ඡන්දය මෙහෙයවපු මැතිවරණ කොමිසමටත්, සභාපතිතුමා ඇතුළු ඒ නිලධාරී සියලු දෙනාටත්, පොලිසියටත්, ත්‍රිවිධ හමුදාවටත් රජයේ සේවයටත් අපි අපේ ස්තුතිය ප්‍රකාශ කරනවා. මේ රටේ මේ අවස්ථාවේදී නිදහස්, සාමකාමී, ස්වාධීන ඡන්දයක් තිබීම ගැන සියලු දෙනාම ආඩම්බර විය යුතුයි“ අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා සිරිකොත මෙහෙයුම් කාර්යාලය නිරීක්‍ෂණය කිරීමට ද අද පෙරවරුවේ පැමිණියේය.

    Last modified on ඉරිදා, 17 නොවැම්බර් 2019 14:27

    Latest News