සමාජමාධ්‍යවල සැරිසරන තැපැල් ඡන්ද ප්‍රතිඵල සම්පූර්ණ අසත්‍යයක්..මැ.කෝ (විඩියෝ)

නොවැ 16, 2019
  • 2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම අද රාත්‍රී 9.40ට පමණ ආරම්භ කළ බවත් දිස්ත්‍රික්ක කිහිපයක තැපැල් ඡන්ද ගණන් කිරීම අවසන් අදියරේ පවතින බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඒ අනූව, සමාජ මාධ්‍යවල මේ වන විට සංසරණය වන තැපැල් ඡන්ද ප්‍රතිඵල බවට හැගවෙන ප්‍රතිඵල වාර්තා සම්පූර්ණ අසත්‍ය බව ඔහු කියා සිටියි. කෑගල්ල, බදුල්ල, රත්නපුර යන දිස්ත්‍රික්කවල අද පස්වරුවේ ඇතිවූ වර්ෂාපත් සමග සුළු ගංවතුර තත්වයක් හටගෙන ඇති බවත් එම නිසා ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට බාධා එල්ල වී ඇත. ඒ අනූව, එම ප්‍රදේශවල ඡන්ද ගණන් කිරීම රාත්‍රී 10.00ට පමණ ආරම්භ කිරීමේ හැකියාව තිබූ බවත් මහින්ද දේශප්‍රිය මහතා විශේෂ නිවේදනයක් මාධ්‍යවෙත නිකුත් කරමින් කියා සිටියි.

    ඒ අනූව, එම දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ද ප්‍රමාද විය හැක. මේ අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ වාහනයක් අනතුරකට ලක්ව ඇති අතර එයින් ඡන්ද පෙට්ටිවලට හෝ නිලධාරීන් කිසිවෙකුට හානියක් සිදුව නොමැත. මේ අනූව සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින තැපැල් ඡන්ද ප්‍රතිඵල බවට හැගවෙන පුවත්වල කිසිඳු සත්‍යතාවක් නොමැති බවත් නිල ප්‍රතිඵල නිකුත් කරන තුරු අවදානයෙන් පසුවන්නැයි කියා සිටියි.

     

    Last modified on සෙනසුරාදා, 16 නොවැම්බර් 2019 23:27

    Latest News