සැතපුම් 50 ක් දුරකදී නාවික සහ ගුවන් හමුදා ඒකාබද්ධ අභ්‍යාසයක් (විඩියෝ)

නොවැ 16, 2019
  • ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව ප්‍රථම වරට නාවික සැතපුම් 50ක් ඈත මුහුදේ ඒකාබද්ධ අභ්‍යාසයක් සාර්ථකව පවත්වා තිබේ.

    ඒ ඉකුත් 13 වැනිදා පානදුරට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්. නාවික හමුදාවට අයත් “සිදු රළ“ නෞකාව මතට ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ අභ්‍යාස අවස්ථා 03ක් සාර්ථකව එහිදී සිදු කෙරිණ. අනතුරුව “සිදු රළ“ නෞකාව ගොඩබිමේ සිට නාවික සැතපුම් 50ක් පමණ දුරකදී ගුවන් හමුදාවට අයත් බෙල් 17 ගුවන් යානයක් මගින් පුද්ගලයෙකු නෞකාව මතට ගොඩ බැස්වීමේ අභ්‍යාසය සාර්ථකව සිදු කෙරිණ.

    එමෙන්ම හෙලිකොප්ටර් යානයක් මගින් පුද්ගල අනුරුවක් නෞකාවක් මතට ගොඩබැස්වීමේ අභ්‍යාසයක් සිදු කළ ප්‍රථම අවස්ථාව ලෙසයි, මෙය සැලකෙන්නේ. වත්මන් රජය යටතේ නාවික හමුදාවට නෞකා 04ක් අලුතින් ලැබී තිබේ. ඉන් නෞකා 02ක් ලැබී ඇත්තේ පරිත්‍යාග ලෙසයි.

    Last modified on සෙනසුරාදා, 16 නොවැම්බර් 2019 08:59

    Latest News