පලාලි සහ පලෙයි යුද හමුදා මාර්ග බාධක ඉවතට

නොවැ 16, 2019

    පොලිසියේ දැනුම්දීම මත පලාලි සහ පලෙයි පොලිස් වසම්වල යොදවන ලද යුද හමුදා මාර්ග බාධක සියල්ල ඉවත්කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ඊයේ උදේ වනවිට යුද හමුදාවෙන් යොදවන ලද මාර්ග බාධක කිහිපයක් එම ප්‍රදේශවල ක්‍රියාත්මක වූ බවයි. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව යුද හමුදාව මාර්ග බාධක යෙදවීම නීත්‍යනුකූල නොවන බැවින් යුද හමුදා නිලධාරීන් වෙත ඒ පිළිබඳව පොලිසිය විසින් දැනුම් දෙනු ලැබීය.

    Latest News