මැතිවරණ නිලධාරීන්ට අදත් අතිරේක බස් රථ

නොවැ 16, 2019

    මැතිවරණ රාජකාරිවල නිරත නිලධාරීන් වෙනුවෙන් අතිරේක බස් රථ අදත් යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

    ඊට අමතරව, කොළඹ කොටුව සිට ක්‍රියාත්මක දුර ගමන් සේවා සඳහා ද විශේෂ බස් රථ සේවායක් යොදවා තිබේ. අද කොළඹ කොටුවේ සිට දෛනිකව ධාවනය කෙරෙන දුර ගමන් සේවා බස්රථවලට අතිරේකව තවත් බස් රථ 150ක් ධාවනයට එක්කර තිබේ. අදාළ බස් රථ ලබාදී ඇත්තේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල 12ක් මගින්. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ, සියලු බස් රථ මුදල් අයකර ගැනීමේ පදනම මත ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

    ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් දුම්රිය සේවා ද ක්‍රියාත්මකයි. අවශ්‍යතාව අනුව අතිරේක දුම්රිය සේවා හා දුම්රිය ගමන් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    Last modified on සෙනසුරාදා, 16 නොවැම්බර් 2019 10:44

    Latest News