මෙරට ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින් ගණන 35ක්.
01.කැටගොඩ ගමගේ ජයන්ත පෙරේරා - ස්වාධීන
02.සිරිපාල අමරසිංහ - ස්වාධීන
03.අජන්තා විජේසිංහ පෙරේරා - ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය
04.අපරැක්කේ පුඤ්ඤනන්ද හිමි - ස්වාධීන
05.වැලිසරගේ සමන්ත ප්‍රසන්න පෙරේරා - අපේ ජන බල පක්ෂය
06.නන්දසේන ගෝඨාභය රාජපක්ෂ - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
07.ආරියවංශ දිසානායක - ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ
08.සිරතුංග ජයසූරිය - එක්සත් සමාජවාදී පක්ෂය
09.වර්ණකුලසූරිය මිල්රෝයි සර්ජියෆ් ප්‍රනාන්දු - ස්වාධීන
10.බැද්දේ ගමගේ නන්දිමිත්‍ර - නව සම සමාජ පක්ෂය
11.නම්බුනාම නානායක්කාර අක්මීමන පල්ලියගුරුගේ වජිරපානි විජේසිරිවර්ධන - සමාජවාදී සමානතා පක්ෂය
12.සරත් මනමේන්ද්‍ර - නව සිහල උරුමය
13.පල්ලේවත්ත ගමරාලලාගේ රොහාන් පල්ලේවත්ත මහතා - ජාතික සංවර්ධන පෙරමුණ
14.අනුර කුමාර දිසානායක - ජාතික ජනබල ව්‍යාපාරය
15.චන්ද්‍රසේකර හේරත් හිටිහාමි කෝරලලාගේ සමන්සිරි හේරත් - ස්වාධීන
16.වැල්රෝයි කීර්තිරත්න මුදියන්සේලාගේ සරත් විජිතකුමාර කීර්තිරත්න මහතා - ස්වාධීන
17.පොල්ගම්පල ගමරාලලාගේ චමින්ද අනුරුද්ධ - ස්වාධීන
18.සමරවීර වීරවන්ති - ස්වාධීන, අශෝක වඩිගමංගාව - ස්වාධීන
19.අශෝක වඩිගමංගාව - ස්වාධීන
20.ඒ.එස්.පී.ලියනගේ - ශ්‍රි ලංකා කම්කරු පක්ෂය
21.බත්තරමුල්ලේ සීලරතන හිමි - ජන සෙත පෙරමුණ
22.සජිත් ප්‍රේමදාස - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
23.ඉල්ලියාස් අයිද්රූස් මොහමඩ් - ස්වාධීන
24.විජේනායක කංකනම්ගේ පියසිරි - ස්වාධීන
25.දුමින්ද නාගමුව - පෙරටුගාමී සමාජවාදී පක්ෂය
26.රජිව විජේසිංහ - ස්වාධීන
27.මහේෂ් සේනානායක - ජාතික ජනතා පක්ෂය
28.අරුණ ද සොයිසා - ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය
29.අජන්ත ද සොයිසා - රුහුණු ජනතා පෙරමුණ
30.ප්‍රියන්ත මුණිහත් එදිරිසිංහ - ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය
31.නාමල් රාජපක්ෂ - ජාතික සමගි පෙරමුණ
32.එම්.කේ.සිවාරිලිංගම් - ස්වාධීන
33.මහ්මුද් ලෙබ්බේ ආලිම් මුහම්මද් හිස්බුල්ලාහ් - ස්වාධීන
34.අහමඩ් හසන් මොහොමඩ් අලවි - ස්වාධීන
35.සුබ්‍රහමනියම් ගුණරත්නම් - අපේ ජාතික පෙරමුණ
.....................................
මෙරව ජනාධිපතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග වදින ජනාධිපතිවරණය බවට පත් වී තිබේ. ඉතිහාසය පුරා ජනාධිපතිවරණ සඳහා අපේක්ෂකයන් විශාල පිරිසක් තරග කළ ද බොහෝ අවස්ථාවල එය ප්‍රධාන පක්ෂ දෙකක් අතර අපේක්ෂකයන් දෙදෙනකුගේ සටනක් ලෙස පෙනෙන්නට තිබිණි.
බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 දී බිහිවිණි. ඉන් වසර කිහිපයක් ඉකුත්ව ගිය තැන දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 දී නිර්මාණය විය. එසේ 1978 වසරේ බිහිවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ දක්වා සංශෝධන 19ක් හඳුන්වා දී තිබේ.
විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු පළමු වරට තෝරා ගැනීම සිදු කෙරෙන්නේ 1982 දීයි. ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 81%ට වැඩි පිරිසක් මෙහිදී ඡන්දය භාවිත කළේය. අපේක්ෂකයන් 6 දෙනෙක් ඉදිරිපත් විය. එහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ජේ.ආර් ජයවර්ධන 52.91%ක ප්‍රතිශතයක් ලබාගනිමින් ඡන්දය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හෙක්ටර් කොබ්බෑකඩුවට ලබා ගත හැකි වූයේ 39.07%ක ඡන්ද ප්‍රතිශතයකි. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඡන්ද 273,428ක් ලබා ගත්තේය. එය ප්‍රතිශතයක් වශයෙන් 4.19%කි.
.....................
දෙවෙනි ජනාධිපතිවරණය පැවැත්වුණේ 1988 දීයි. රණසිංහ ප්‍රේමදාස 50.43%ක් ලබාගෙන එවර මැතිවරණය ජයග්‍රහණය කළේය. ප්‍රතිවාදීන් වන සිරිමාවෝ බණ්ඩාරනායක 44.95% ඡන්ද ප්‍රතිශතයක් ද සහ ඔස්වින් අබේගුණසේකර 4.63%ක් ද ලබා ගත්හ. ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 55.32% ක් පමණක් එවර ඡන්දය භාවිත කළහ. අනතුරුව 1993 වසරේ මැයි දින පෙළපාලියකදී එල්ලවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මියයාමත් සමඟ එවක අගමැතිව සිටි ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපති ධූරයේ වැඩ භාර ගත්තේය.
......................
1994 දී ප්‍රථම වරට ජනපති සටහන කාන්තාවක් එක්වෙමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරංතුග මහත්මිය ජනපති ලෙස පත්විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඡන්ද 47,09,205ක් ලබා ගත් අතර, එය ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 62.28%කි. එය මෙතෙක් ජනපතිවරණ ඉතිහාසයේ වාර්තාවක් ලෙස සටහන් වේ. මේ දක්වා පැවති ජනාධිපතිවරණ ජයග්‍රහණ කළ අපේක්ෂකයන් කිසිවෙකුත් 60% ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යෑමට සමත් වූයේ නැත. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු ගාමිණි දිසානායක මිය යාමෙන් පසු අපේක්ෂකත්වය හිමි වු ශ්‍රීමා දිසානායක ඡන්ද 27,15,283ක් ලබාගත් අතර, එය ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 35.91%කි. මෙහි දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ හඩ්සන් සමරසිංහට ලබා ගැනීමට හැකි වූයේ 0.78%ක් වැනි ඉතා අඩු ඡන්ද ප්‍රතිශතයක් පමණි.
....................
ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය ධුර කාලය ඉකුත්වීමට වසරකට පෙරා ජනාධිපතිවරණයක් කැඳවීමට ක්‍රියා කළාය. එ අනුව 1999 වසරේ සිව්වැනි ජනාධිපතිවරණය පැවැත්විණ. අපේක්ෂකයන් 13ක් තරග වැදුණු එම ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ රනිල් වික්‍රමසිංහ මහතායි. 1999 දෙසැම්බර් 21 පැවැති ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 51.12%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ලබා ගත්තේ 42.71%ක් පමණි. ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක නන්දන ගුණතිලකට 4.08%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණ අතර, අන් කිසිදු අපේක්ෂකයෙකුට 1% ඡන්ද ප්‍රතිශතය පසු කිරීමට නොහැකි විය. 1999 දෙසැම්බර් 22 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය දෙවෙනි ධූර කාලය සඳහා දිවුරුම් දුන්නාය.
......................
අනතුරුව 2005 දී පැවති ජනාධිපතිවරණය 50.29%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ සටන ජය ගත්තේය. රනිල් වික්‍රමසිංහ 48.43%ක ප්‍රතිශතයක් ලබා ගත් අතර, තෙවෙනි අපේක්ෂකයා වන එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරියට ලබා ගත හැකි වූයේ 0.36ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
......................
අනතුරුව, නියමිත ධුර කාලයට වසරකට පෙර මහින්ද රාජපක්ෂ මහතා 2010 වසරේදී නැවත ජනාධිපතිවරණයක් කැඳවීය. එවර විපක්ෂ කිහිපයක එකතුවෙන් ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කෙරිණි. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ සහය ද ලබමින් හිටපු හමුදාපති ජෙනරල් (එවක) සරත් ෆොන්සේකා හංසයා ලකුණෙන් පොදු අපේක්ෂකයා ලෙස ජනපති සටනට ඉදිරිපත් විය. කෙසේවෙතත්, 57.88% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. ජෙනරල් සරත් ෆොන්සේකා 40.15%ක් ඡන්ද ප්‍රතිශතයක් ලබද්දී තෙවෙනියා වශයෙන් මොහොමඩ් කාසීම් මොහොමඩ් ඉස්මයිල් නමැති අපේක්ෂකයාට හිමි වූයේ 0.38%ක ඡන්ද ප්‍රතිශතයකි.
..............................
2015 ජනාධිපතිවරණය
නැවත වරක් බලයට පැමිණිමේ අරමුණින් මහින්ද රාජපක්ෂ නියමිත කාලයට පෙර 2015 වසරේදි ජනාධිපතිවරණයක් කැඳවීය. ඔහු ඉදිරිපත් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමිනි. නමුත් මෙවර ද එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක එකතුවකින් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළේය. මහින්ද රාජපක්ෂ පාලනයේ සෞඛ්‍ය ඇමති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්ව සිටි මෛත්‍රීපාල සිරිසේන එම අපේක්ෂකයා විය. ප්‍රබල තරගයකින් පසු මෛත්‍රීපාල සිරිසේන ඡන්ද 62,17,162ක් ලබා 51.28% ක ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජය ගත්තේය. "යහ පාලන ආණ්ඩුවක්" ලබා දීම ඔහුගේ ප්‍රධාන මැතිවරණ සටන් පාඨය විය. මහින්ද රාජපක්ෂට හිමි වූයේ 47.58%ක ඡන්ද ප්‍රතිශතයකි. අපේක්ෂකයන් 19 දෙනෙකු තරග වැදුණු එම ජනාධිපතිවරණයේදී ඉදිරියෙන්ම සිටි දෙදෙනා හැර අන් කිසිවෙකුටත් 0.15% සීමාව පසු කිරීමට නොහැකි විය.
...............................
2019 ජනාධිපතිවරණය
මෙවර පැවැත්වෙන්නේ අට වැනි ජනාධිපතිවරණයයි. අපේක්ෂකයින් 35 තරගයට ඉදිරිපත්ව ඇතත් ප්‍රධාන අපේකෂකයින් දෙදෙනෙකු වෙත මේ වන විට අවධානය යොමුවි තිබේ. පසුගිය ජනාධිපතිවරණ හතේදීම ජයග්‍රහණය කළ අපේක්ෂකයා 50%ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇත. සියයට පනහේ සිමාව පසු කිරිමට කිසිදු අපේක්ෂකයෙකුට ඡන්ද ලබා ගැනීමට නොහැකි වන්නේ නම් දෙවැනි මනාපය ගණන කිරිමෙන් පසු ජයග්‍රහකයා තේරිම ජනාධිපතිවරණ පනත අනුව සිදුවේ. මෙවර සමස්ත ඡන්ද දායකයින් ගණන 15992504 කි.