ලාංකීක තරුණියක් ලොව බලවත් අනාගත නායකයින් 100 දෙනා අතරට

නොවැ 14, 2019

    අනාගතයේ ලොව බලවත් නායකයින් බවට පත්වෙනු ඇති බවට අමෙරිකාවේ ටයිම්ස් (Times) සඟරාව අනාවැකි පළකරන නායකයන් 100 දෙනා අතර ශ්‍රී ලංකාවේ තරුණියක් වන ජයත්මා වික්‍රමනායක ඩයස් ඇතුලත්ව තිබේ.

    එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටුයතු පිළිබඳ නියෝජිතවරිය වන ජයත්මා මෙම ලැයිස්තුවට එක් කිරිමට ටයිම්ස් සඟරාව පියවර ගෙන ඇත්තේ වසර 2030 දි තරුණ කටයුතු පිළිබඳ තිරසර සංවර්ධනය සඳහා වූ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් ඇය ඉටුකරමින් සිටින දැවැන්ත කාර්ය භාරය නිසාවෙනි.

    1990 වසරේ බෙන්තොට, හබුරුගල ප්‍රදේශයේදී උපත ලැබු ඇය ගාල්ල සංඝමිත්තා විදුහලෙන් සිය මුලික අධ්‍යාපනය ලබා ඇති අතර පසුව කොළඹ විශාඛා විද්‍යාලයෙන් සිය පාසැල් අධ්‍යාපනය නිමා කොට තිබේ. ඇය කොළඹ සරසවියෙන් විද්‍යාවේදී උපාධියක් ද හිමිකරගෙන ඇත.

    2017 වසරේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් විසින් සිය තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස ජයත්මා වික්‍රමනායක පත් කරනු ලැබුවේය.

    අමෙරිකාවේ ටයිම්ස් සඟරාව විසින් තමන්ව බලවත් නායකයින් බවට පත්වෙනු ඇති බවට සිදුකරනු ලැබූ අනාවැකිය සම්බන්ධයෙන් ජයත්මා වික්‍රමනායක ඩයස් විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

    Face book - සටහන

    බෙන්තොට හබුරුගල ඉපදිලා-5 වසර ශිෂ්යත්වය පාස් වෙලා- විසාකා එකට ගිහින්- කොළඹ විශ්වවිද්යාලයෙන් ඉගෙනගෙන - 2015 පාර්ලිමේන්තු සේවා විභාගයෙන් ලංකාවේ පළවෙනියා වෙලා - 2016 පරිපාලන සේවා විභාගයෙන් ඉංග්රීසි මාධ්යයෙන් ලංකාවේ සමත් වුන එකම කෙනා වෙලා- අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ධූතවරියක් විදිහට වැඩ කරන්න- ලෝකේ අනාගතයේ බලවත් වේ යැය් TIME සඟරාව අනාවැකි පළකරන නායකයන් 100 අතරට පත්වෙන්න පුළුවන් වුනේ නිදහස් අධ්යාපනය නිසා.
    බදු ගෙවලා මට උගන්නපු ලංකාවේ හැමෝටම පින්

    Geethma01.jpg

    Last modified on බ්‍රහස්පතින්දා, 14 නොවැම්බර් 2019 20:02

    Latest News