ලක්ෂ 30ක රත්‍රං රේගුව අල්ලයි

නොවැ 30, 2018

    රුපියල් ලක්ෂ 30කට අධික රන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනුණි. 

    ඒ ගුවන්තොටුපොළ රේගුව විසින්. රන් බිස්කට් දෙකක් හා රන් මාල ද ඒ අතර වෙයි.  රන් බිස්කට්වල බර ග්‍රෑම් 233ක්.  සැකකරුවන්ගෙන් එක් අයෙක් මාලදිවයින් ජාතිකයෙක් වන අතර අනෙක් පුද්ගලයා රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

    ඔවුන් අවුරුදු 30 සහ 46 වයස්වල පසුවන්නන් බවයි, ගුවන් තොටුපොළ රේගුව සඳහන් කළේ.  සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Latest News