Up Date - රිදිමාලියද්දේ මන්ත්‍රීවරියට පහරදුන් පොහොට්ටුවේ මන්ත්‍රීට දැඩි ඇප කොන්දේසි

නොවැ 12, 2019

    රිදිමාලියද්ද ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරියකට පහරදුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි ඇතුලු 05 දෙනාට දැඩි අවවාද මත, දැඩි ඇප කොන්දේසි මත එක් අයෙකුට රුපියල් ලක්ෂ 02 බැගින් ශරීර ඇප නියම කර නිදහස් කෙරිනි.

    සැකකරුවන් අද (12) මහියංගන පොලිසිය වෙත බාරවීමෙන් අනතුරුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ගාමිණි රඹකැන්පුර මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු මෙලෙස ඇප නියමවු අතර නඩුව නැවත කැදවීම ජනවාරී 23 දිනට නියම කෙරිණ.

    මෙලෙස පොලිසියට බාර වුයේ රිදිමාලියද්ද ප්‍රා දේශිය සභාවේ ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ සිසිර බංඩාර මන්ත්‍රීවරයා, ආර් එම් ජයතිලක, ආර් එම් ප්‍රේමදාස, එච් ඩබ්ලිව් නිමල් සිරි, ආර් ඩි කේ ජි සිරිල් රාජපක්ෂ යන අයයි. ඔහුන් පහරදීමෙන් පසු දින කිහිපයක් පොලිසිය මඟහරිමින් සිට මෙලෙස පොලිසිය වෙත බාරවී ඇත.

    පසුගියදා බදුල්ල නගරයේ පැවති ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ රැළිය සදහා සහභාගී වි නැවත නිවෙස් බලා යමින් සිටි ඉහත නම් සදහන් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා ඇතුලු පිරිස ගමන් ගත් බරස් රථය, රිදිමාලියද්ද ප්‍රා දේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනී ඩි එම් රසිකා දිල්රුක්ෂි දිසානායක මහත්මියගේ වෙළෙදසැලි ඉදිරිපිට නවතා වෙළෙදසැල තුල රතිඤ්ඤා දල්වා කලබලයක් ඇති කර ඇති අතර, ඒ සම්බන්දයෙන් විමසීමට ගිය මන්ත්‍රීවරියටද පහරදී ඇත. පසුගිය 09 දින රාත්‍රි දිල්රුක්ෂි මහත්මිය ප්‍රහාරයට ලක්ව ඇති අතර ප්‍රතිකාර සදහා එදින රාත්‍රී මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් වින.

    මහියංගන මුලික රොහලේ නේවාසික ප්‍රතිකාර ලැබු මන්ත්‍රිවරිය 11 දින දහවල් ප්‍රතිකාරලබා ගැනිමෙන් අනතුරුව නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.

    UNP මන්ත්‍රීවරියකට පහරදුන් පොහොට්ටුවේ මන්ත්‍රී ඇතුළු පහක් අත්අඩංගුවට ( 10.46) 

    රිදිමාලියද්ද ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්‍ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියට පහරදුන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා ඇතුළු පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ලේ පැවති රැලියට සහභාගි වී නිවෙස් බලා පැමිණෙමින් සිටි පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිසිර කුමාර බණ්ඩාර විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට පොලිසිය පවසයි. ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ වු සිසිර කුමාර බණ්ඩාර ඇතුළු පස් දෙනෙකු මහියංගණ පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ රිදිමාලියද්ද ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි ඩී.එම්. එසිකා දිල්රැක්ෂි දිසානායක මහත්මියයි. ඇය පස්දරු මවක වන අතර දරුවෙකු වඩා ගෙන සිටියදී බිමතින් පැමිණි මෙම පිරිස අමානුෂික අන්දමින් පහරදුන් බව ඇය පවසන්නීය.

    Last modified on අඟහරුවාදා, 12 නොවැම්බර් 2019 16:35

    Latest News