මිල සූත්‍ර මිස බිල් සූත්‍ර නැත

ඔක් 17, 2018

    විදුලිබල පනතට අනුව විදුලි බිල පිළිබඳ මිල සූත්‍රයක් හඳුන්වා දීමට ප්‍රායෝගිකව හැකියාවක් නැතැයි පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

    ඒ විදුලි බිල වැඩි කිරීමක් සිදු කිරීමට එය මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගත යුතු නිසා යැයිද අමාත්‍යවරයා කියා සිටී.

    එවැනි යෝජනාවක් උපයෝගිතා කොමිසට සිදු කළ ද එම යෝජනාව සමාජයට බලපාන ආකාරය අනුව මහජන උපයෝගීතා කොමිසමට ඒ ගැන මහජන අදහස් ගත හැකි බවද සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

    ඔහු වැඩිදුරටත් මෙසේද කියා පැවසා සිටී.
    "ඒක දීර්ඝකාලීන වැඩක්. ඒ නිසා ඛනිජ තෙල් සංස්ථාවේ පනත අනුව ඔවුන් කරන්නාසේ මාස් පතා මිල සූත්‍රයක් හදුන්වාදෙන්න විදුලිබල මණ්ඩලයට දැනට තිබෙන පනත අනුව කිසිඳු හැකියාවක් නැහැ. ඒ නිසා ඒ පිලිබඳව අනියත බියක් ඇතිකර ගතයුතු නැහැ" .

    Last modified on බදාදා, 17 ඔක්තෝබර් 2018 16:54

    Latest News