තෙබුවන සැර සැරයන් ජනපති හමුවෙලා (වීඩියෝ)

ඔක් 17, 2018

    පසුගියදා තෙඹුවන නගරයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා අද (16) දහවල් ජනාධිපති කාර්යාලය වෙත පැමිණ තිබේ.

    එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    ඒ මහතා මුහුණ දී ඇති ආර්ථීක දුෂ්කරතාවයන් සහ ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාදිය යුතුව ඇති සහය සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා ඒ මහතා වෙත රුපියල් ලක්ෂ 10 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට කටයුතු කර තිබේ.

    Last modified on බදාදා, 17 ඔක්තෝබර් 2018 16:12

    Latest News