ජාත්‍යන්තර පොපි දින සැමරුමට සමගාමීව අගමැතිතුමාට පොපි මලක් පැළඳවීම

නොවැ 09, 2019

    ජාත්‍යන්තර පොපි දින සැමරුමට සමගාමීව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හට පොපි මලක් පැළඳවීම අද (09) දින කොළඹ, අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.

    ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අනුස්මරණ කමිටුවේ සභාපති රියර් අද්මිරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් අග්‍රාමාත්‍යවරයා හට පොපි මල පැළඳවූ අතර ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ වාර්ෂික ප්‍රගති වාර්තාව ද එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහා ලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය, එම සංගමයේ ගරු භාණ්ඩාගාරික මේජර් ජේ.කේ.සී.එස්. කන්කානම් යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අනුස්මරණ කමිටුවේ සාමාජිකයින් පිරිසක් සහභාගිවී සිටියහ.

    Latest News