රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු

නොවැ 09, 2019

    මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලත්, මන්නාරම, වව්නියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ත්, 75ත් පමණ තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝ මීටර 70ත්, 80ත් අතර කෙටි කාලීන තද සුළං ද ඇතිවේ. අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවලදී, ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙස, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Latest News