සියලු අපේක්ෂකයින් එක්වු ව්‍යාපාරික සංවාදයත් ගෝඨාභය මග හරි

නොවැ 08, 2019

    මෙය ජනාධිපතිවරණ අපේක්ෂකයින් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර සංවාදශීලී හමුවක් වශයෙන් පැවති අතර ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ මූලිකත්වයෙන් එය සංවිධානය කර තිබිණ.

    සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, ආචාර්ය අජන්තා පෙරේරා සහ රොහාන් පල්ලෙවත්ත යන අපේක්ෂකයින් සහභාගී වී සිටි අතර මහේෂ් සේනානායක මහතා වෙනුවෙන් සහභාගී වූයේ ඔහුගේ පක්ෂයේ ලේකම් ගාමිණී ගුණවර්ධන මහතාය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට පැමිණීමට නොහැකි බව දන්වමින් පණිවිඩයක් පමණක් එවා තිබිණි.

    මීටපෙර සියලුම ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සංවාදයට ද ගෝඨාභය රාජපක්ෂ මහතා නොපැමිණි අතර ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස සජිත් ප්‍රේමදාස මහතා කර ඇති අභියෝගයට ද මේ වන තෙක් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

     

    Latest News