තැපැල් ඡන්ද සලකුණු කිරීම ඊයෙන් අවසන්

නොවැ 08, 2019

    තැපැල් ඡන්ද සලකුණු කිරීමේ විශේෂ දිනයක් ලෙස ඊයේ පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට ඒ සඳහා අවස්ථාව ලබා දී තිබිණ.

    ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය මස 31 නොවැම්බර් මස 01, 04 සහ 05 යන දිනවලදී සිදු කෙරුණි. ඒ අනුව තැපැල් ඡන්ද ගණනය කිරීම ඉදිරියේ දී සිදු කෙරෙන බවයි, මැතිවරණ කොමිෂන් සභාව කියා සිටින්නේ.

    මෙවර තැපැල් ඡන්දය සඳහා ඡන්ද දායකයින් හය ලක්ෂ 59,317 දෙනෙකු සුදුසුකම් ලබා සිටියේය.

    Last modified on සිකුරාදා, 08 නොවැම්බර් 2019 08:49

    Latest News