කොහුවල දී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

නොවැ 08, 2019

    කොහුවල පොලිස් වසමේ බෝධියවත්ත ප්‍රදේශයේ දී කොහුවල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 720 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 29 ක් වු ශ්‍රී සරණංකර පාර, බෝධියවත්ත ලිපිනයේ පදිංචි ජයන්ති පෙරේරා යන අයෙකි.

    සැකකරු අද (08) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    කොහුවල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරේ.

    Latest News