පාර්ලිමේන්තු මිරිස්කුඩු ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් දෙන්න: මන්ත්‍රි ඉල්ලීමක්

නොවැ 07, 2019

    පාර්ලිමේන්තුවේ පසුගිය දිනක ඇති වූ මිරිස්කුඩු ප්‍රහාරය ඇතුළු සිදුවීම් මාලාව සම්බන්ධයෙන් වරදකරුවන් වූ අයට දඬුවම් ලබාදිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු අද (7) පාර්ලිමේන්තුවේ දී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

    මේ සම්බන්ධව දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙන බවත් ඒ සඳහා පියවර ගෙන තිබෙන  බවත් කතානයක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් පියවර ගත යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින්  සඳහන් කළේ ය.

    එහිදී නැඟී සිටි සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, සිදුවීමට සම්බන්ධ 54 දෙනා  සම්බන්ධයෙන් පියවරක් ගත යුතු බවය.මෙය නීති උල්ලංඝණයක් බවද සභානායකවරයා සඳහන් කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා සඳහන් කළේ,සිදුවීමට වසරක් ගත වි තිබෙන බවත් මෙය  පාර්ලිමේන්තුවට කළු පැල්ලමක් බවත් වැරදි කළ අයට දඬුවම් ලබාදිය යුතු බවත් පවසා සිටියේ ය.

    Latest News