ගෝඨාභය මිලේනියම් ගිවිසුම අහෝසි කරන බව සඳහනක් නැහැ; තිස්ස අත්තනායක

නොවැ 06, 2019

    “මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම“ හෙවත් MCC ගිවිසුම සම්බන්ධයෙන් අද මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ කෙරිණ.

    එහිදී අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා...

    “ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ ලිපියේ කිසිම තැනක කියන්නේ නැහැ මේ MCC ගිවිසුම නවත්වනවා කියලා. වචනයක් සඳහන් වෙන්නේ නැහැ. MCC ගිවිසුම හාමුදුරුවෝ උද්ඝෝෂණය කරන්නේ මේක නවත්වන්න කියලා, එහෙමනම් ඒක ගැන සඳහන් කරලා එහෙනම් හාමුදුරුවනේ අපි ජනාධිපතිවරයා පත්වුණාම මේ ගිවිසුම අහෝසි කරනවා කියලා ලියලා එවන්න එපායැ. එහෙමවත් සඳහනක් නැහැ. අපි කියනවා ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ ප්‍රශ්න අහන විමල් වීරවංශ, ගම්මන්පිල නෙමෙයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශයක් කරන්න ඕනේ MCC ගිවිසුම ක්‍රියාත්මක කරන්න මම ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒක කිව්වනම් ප්‍රශ්නය ඉවරයිනේ“ යැයි තිස්ස අත්තනායක මහතා පැවසීය.

    Latest News