හෙට තැපැල් ඡන්ද සළකුණු කිරීමේ විශේෂ දිනයක්

නොවැ 06, 2019

    තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට හෙට (07) සිය තැපැල් ඡන්දය සළකුණු  කිරිම අවස්ථාව සළසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    තැපැල් ඡන්දය භාවිතා කිරීම ආරම්භ වූ පසුගිය මස 31 සහ නොවැම්බර් 01 දිනයි. එදින ඡන්දය භාවිතා කිරීමට නොහැකි වූ  ඡන්ද දායකයින් වෙත මෙම අවස්ථාව සළසා දී තිබේ.

    එමෙන් ම සියලූම පොලිස් ස්ථානවල හා සියලූම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්ද සළකුණු කිරීම  04 හා 05 දිනයේ දී සිදු විය.

     

     

    Last modified on බදාදා, 06 නොවැම්බර් 2019 15:03

    Latest News