රාජපක්ෂ කණ්ඩායමේ උත්සාහය ජාතිවාදය වපුරා බලය ලබාගැනිමයි; අගමැති

නොවැ 05, 2019

    ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කරලීම සියල්ලන්ගේම අපේක්‍ෂාව වුවද රාජපක්ෂ කණ්ඩායමේ උත්සාහය ජාතිවාදය තහවුරු කොට බලය ලබා ගැනීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මඩකලපුව දිස්ත්‍රික්කයේ අද (05) පැවැති පොකුරු රැස්වීම් මාලාවක් අමතමින් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය. සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සෑම ජාතියකගේම එකමුතුවෙන් හා එකඟත්වයෙන් ශ්‍රී ලංකාව පෙරට ගෙන යාම එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ප්‍රතිපත්තිය බව ඔහු පෙන්වා දුන්නේය. ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරීමේ දේශපාලන විසඳුමක් සඳහා තමන් කැපවී සිටින බවත්, එම විසඳුම සකස් කිරීමේ දී රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ යන ජනාධිපතිවරුන් සකස් කර ඇති යෝජනා පදනම් කර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුනි. මෙවන් පොදු එකඟතාවකින් යුතුව ශ්‍රී ලංකාව අනාගතය වෙත රැගෙන යාම සඳහාත්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිදියාව ආරක්‍ෂා කර ගැනීම සඳහාත් ලබන නොවැම්බර් 16 වැනිදා හංසයා ඉදිරියේ කතිරය ගසා සජිත් ප්‍රේමදාස මහතා බලයට පත් කර ගන්නා ලෙස වික්‍රමසිංහ මහතා මඩකලපුව ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    Latest News