අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

නොවැ 04, 2019

    සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා නමැති පාතාල කල්ලි නායකයාගේ සමීපතමයෙකු වන අරුණ සමීර නමැති පාතාල සාමාජිකයෙකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට ගෙන තිබේ.

    මුල්ලේරියාව සල්මල්උයන ප්‍රදේශයේ අද සිදුකළ විශේෂ පරීක්‍ෂාවකින් පසු හෙරොයින් ග්‍රෑම් 7යි මිලි ග්‍රෑම් 250ක් සහ මුදල් සමඟ මොහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සැකකරු හෙට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 05 නොවැම්බර් 2019 19:04

    Latest News