ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයදීමට තීරණය කළේ, මධ්‍යම කාරක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ ද අනුමැතියෙන්; දයාසිරි ජයසේකර

නොවැ 04, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය විසින් නොවැම්බර් පස් වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත සමුළුව සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයදීමට තීරණය කළේ, මධ්‍යම කාරක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ ද අනුමැතිය ඇති බව ඔහු පවසයි. ඒ, පොදුජන පෙරමුණ සමඟ පැවති සාකච්ජා ගණනාවකින් අනතුරුවයි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වශයෙන් වෙනම සහ පොදුජන පෙරමුණ සමඟ ඒකාබද්ධව මැතිවරණ ක්‍රියාවලියට අවතීර්ණ වී සිටී.
    එයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධිධානය නමින් සිය පක්‍ෂයෙන් ඉවත් කරන ලද සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් කිහිප දෙනෙකු පුවත්පත් සාකච්ජා පවත්වන බව එම නිවේදනයේ සඳහන්. මෙය පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට එරෙහි ක්‍රියාවක්. එය මුදලට සහ වරප්‍රසාදවලට පක්‍ෂය පාවාදෙන පිරිසකගේ ක්‍රියාවක් බවටයි ඔහු චෝදනා කරන්නේ. එබැවින් පක්‍ෂයත් පාක්‍ෂිකයාත් රැක ගනිමින් වමේ දේශපාලන බලවේග සමඟ එක්ව ක්‍රියා කළ යුතු බව, ජයසේකර මහතා පෙන්වා දුන්නේය.

    Latest News