කොන්දේසි විරහිතව සජිත්ට සහය; සුමන්තිරන්

නොවැ 04, 2019

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කළේ. කිසිදු කොන්දේසියක් නොමැතිව බව, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

    තම සන්ධානය ඉදිරිපත් කළ කරුණු 13 ඉවත් කරගත් බව ද මන්ත්‍රීවරයා කියා සිටී. වවුනියාවේ ඊයේ පැවති ඉලංගෙයි තමිල් අරසු පක්‍ෂ යේ මධ්‍යම කාරක සභාවේදී එම තීරණය ගෙන තිබේ. දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇතැයි පැවසෙන කරුණු 13ක් පිළිබඳ වාර්තා පළ වී තිබිණ. කෙසේ වෙතත් එම කිසිදු කරුණක් ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට හෝ කිසිදු අපේක්‍ෂකයෙකුට ඉදිරිපත් කර නොමැති බව, සුමන්තිරන් මහතා පැවසීය.

    එහිදී අදහස් දැක්වූ සුමන්තිරන් මහතා....

    “ජනාධිපතිවරණයේදී සහය පළ කිරීමට යෝජනා 13ක ඉල්ලීම් ඔබතුමාලා විසින් ඉදිරිපත් කර ඇති බව පවසමින් මාධ්‍යවේදීන් සුමන්තිරන් මහතාගෙන් මෙම මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කර සිටියේය. එම යෝජනා වෙන කාර්යක්. ඒ වගේම එම යෝජනා ජනාධිපතිවරණයේ දී අපි කාටවත් ඉදිරිපත් කලේ නැහැ. එවැනි යෝජනා ඇති බව ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වූ අවස්ථාවන්හිදී අපේක්ෂකයින් කියා සිටියේ එවැනි යෝජනා සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකරන බවයි. එම යෝජනාවලට පෙර අපේ දෙමළ ජාතික සන්ධානය අපේක්ෂකයින් සමඟ සාකච්ජා ගණනාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ මැතිවරණ ප්‍රකාශ අපි පරීක්‍ෂා කර බැලුවා ඒ වගේම ඒ ගොල්ලන්ගේ පසුබිම පිළිබඳවත් අපි පරික්ෂා කර බැලුවා. ඒ අනුවයි අපි සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරිමට තීරණය කළේ යැයි“ ඔහු කියා සිටියේය.

     

     

    Latest News