කාටත් සම්ප්‍රදායික සුපුරුදු කතිරය පමණක් ලකුණු කිරීමෙන් ඡන්දය දාන්න පුලුවන්; මහින්ද දේශප්‍රිය

නොවැ 01, 2019

    ජනාධිපතිවරණයේ දී ඡන්දය සලකුණු කළ යුතු ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැහැදිළි කළේය.

    ඒ, රාජගිරිය පිහිටි එම කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවකදී. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා...

    “ඡන්දේ දානවානම් පනතේ කියලා තියෙන විධියට එක්කෝ එක දාන්න, නැතිනම් කතිරේ දාන්න. ඡන්දේ විතරක් දානවානම් එක්කෝ එක නැත්නම් කතිරේ. එක දැම්මොත් කැමති නම් දෙකයි, තුනයි ලකුණු කරන්න පුලුවන්. කතිරේ දැම්මොත් ඒවා මොකුත් බැහැ. කාටත් සම්ප්‍රදායික සුපුරුදු කතිරය පමණක් ලකුණු කිරීමෙන් ඡන්දය දාන්න පුලුවන්. ඒක අවලංගු වීමට හේතුවක් වෙන්නේ නැහැ. සමහරු කතිරේ ගහලා වැරදුණාම ඇඟිල්ලෙන් කුරුටු ගානවා. අපි ඒක බාරගන්නේ නැහැ. මොකද දන්නවද කාටහරි කියන්න පුලුවන් අපි තමයි හීරුවේ මේක කියලා. තමන් අතින් අනවදානය නිසා වරදක් වුණොත් පනතේ විධිවිධානයක් තියෙනවා ඡන්ද පත්‍රිකාවක් ඉල්ල ගන්න. ඒකට තමයි අපි ඡන්ද පත්‍රිකා වැඩියෙන් ගහන්නේ“ යැයි මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    Latest News