ප්‍රවීණ රංගන ශිල්පිණී චන්ද්‍රා කලුආරච්චි අභාවප්‍රාප්ත වෙයි

නොවැ 01, 2019

    ප්‍රවීණ රංගන ශිල්පිණී චන්ද්‍රා කලුආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වේ.

    මියයන විට ඇයගේ වයස අවුරුදු 76කි. චන්ද්‍රා කලුආරච්චි මහත්මිය සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර මහතාගේ බිරිඳ වන අතර රංගන ශිල්පිනී අමා විජේසේකර මහත්මියගේ මෑණියන්වේ. චන්ද්‍රා කලුආරච්චි මහත්මිය, දහසක් සිතුවිලි සිනමා පටයෙන් රංගනයට පිවිසියේය. වැලිකතර, නිධානය, තුංමන් හන්දිය, බක්මහ දීගේ ආදී සිනමා පට හා ටෙලිනාට්‍ය රැසක චරිත නිරූපණය කර තිබුණි.

    Last modified on සිකුරාදා, 01 නොවැම්බර් 2019 19:46

    Latest News