ඡන්ද පෙට්ටි මාරු කරන බව ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් - මහින්ද දේශප්‍රිය

නොවැ 01, 2019

    ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

    සභාපතිවරයා මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව පැවසීය.

    ''සාම්ප්‍රයීක ඡන්ද පෙට්ටියේ දැමිය හැකි ඡන්ද සංඛ්‍යාව උපරිම 415ක් පමණයි.12,600ක ආසන්න ප්‍රමාණයෙන් මධ්‍යස්ථාන 350යි ඡන්ද මධ්‍යස්ථන තිබෙන්නේ. අපේ 2800 ඡන්ද පොළවල් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් කාඩ් බෝඩ් පෙට්ටි පාවිච්චි කරන්න තීරණය කළා. යාපනය, වන්නි, අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම, අනුරාධපුරය, මඩකලපුව, කුරුණැගල, පොළොන්නරුව යන දිස්ත්‍රික වල ඡන්ද 400 - 900 තිබෙන ඡන්ද පොළ තිබෙන්නේ. ඡන්ද 800 දක්වා තිබෙන තැන් වලට ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි යවනවා. ඡන්ද පත්‍රිකා දැම්මාම කිලෝ 17.5ක් බර වෙනවා. උස්සන්න සහයකයින් දෙදෙනෙක් අවශ්‍ය වෙනවා.''

    ''මඟ දී පෙට්ටිය මාරු කරන බොරු කතාව ඇරෙන්න, ඡන්ද පෙට්ටි මාරු කරනවා කියන එක මිත්‍යාවක්. එහෙම මකරුන් නෑ. බොරු මිත්‍යා කතා ඇති කරලා තිබෙනවා.

    කිසිම වංචාවක් බොරුවක් කරන්න බෑ. ඡන්ද පෙට්ටි මාරු කරන්න, ඡන්ද කොළ මැද්දෙන් දාන්න පුළුවන් කීම මිත්‍යාවක් '' බව ද සභාපතිවරයා අවධාරණය කළේය.

    Latest News