2019 ජනාධිපතිවරණයට තැපැල් ඡන්ද විමසීම අද ඇරඹේ

ඔක් 31, 2019

    2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (31) ආරම්භ වෙයි. මෙවර තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් ගණන හයලක්ෂ පනස් නවදහස් පන්සිය පහළවක්.

    තැපැල් ඡන්ද දායකයන්ට අද සහ හෙට (01) යන දෙදින තුළ පෙරවරු 08.30 සිට පස්වරු 04.15 දක්වා කාලය තුළ සිය රාජකාරී ස්ථානයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට හැකියාව පවතියි. තැපැල් ඡන්ද විමසීම නිරීක්ෂණය සඳහා දහසකට අධික නිරීක්ෂකයින් පිරිසක් යොදවා ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

    ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන අද සහ හෙට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි. ඊට අදාළ උපදෙස් පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 31 ඔක්තෝබර් 2019 10:06

    Latest News