රූපවාහිනී හා ගුවන් විදුලි සංඛ්‍යාත ජනාධිපතිධූර අපේක්‍ෂකයෙකු ප්‍රවර්ධනයට ගැනීමට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්(වීඩියෝ)

ඔක් 28, 2019
  • ජනතාවගේ අයිතියක් වූ ගුවන් විදුලි හා රූපවාහිනි සංඛ්‍යාත පෞද්ගලික නාලිකා කිහිපයක් විසින් ජනාධිපතිධූර අපේක්‍ෂකයින් ප්‍රවර්ධනය කිරිමට එරෙහිව මැතිවරණ කොමිසමට ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    ජනාධිපතිවරණයේ දී ජනතාවට කැමති අපේක්‍ෂකයා තෝරා ගැනීම ස්වාධීනව තීරණය කිරීමට අයිතිය තිබිය යුතු බව, මැතිවරණ කොමිසමට පැමිණිළි කළ ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් නීතිඥ රජිත කොඩිතුවක්කු පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත පැවසීය. මෙම අයිතිය ජනතාවට තිබිය යුතු බැවින් මැතිවරණ කොමිසම විසින් පැහැදිලි නිර්නායක ඉදිරිපත් කර ඇති බව ද ඔහු පෙන්වා දුනි. හිරු සහ දෙරණ නාලිකා මෙම සංඛ්‍යාත අවභාවිතය ප්‍රබල ලෙස සිදු කරන බව, ඔහු කියා සිටී. මෙම නාලිකාවල ප්‍රවෘත්ති විකාශවලින් 80%කට වැඩි ප්‍රමාණයක් ඔවුන් කැමති අපේක්‍ෂකයා ප්‍රවර්ධනය කිරිම සඳහා භාවිතා කරන බවද රජිත කොඩිතුවක්කු පැවසීය. ජනතාවට ලබාදී ඇති ස්වාධීන සර්වජන ඡන්ද බලයෙන් මංකොල්ලකෑමට දරණ ලද උත්සාහයක් බව ද ඔහු පෙන්වා දෙයි.

    Last modified on සදුදා, 28 ඔක්තෝබර් 2019 20:12

    Latest News