ජනපති යළි දිවයිනට

ඔක් 28, 2019

    ජපානයේ සිය තුන් දින නිල සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (27) රාත්‍රී යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.

    ජපානයේ නරුහිතෝ රජතුමාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සදහා ජනාධිපතිවරයා එරටට ගොස් සිටි අතර , ජනාධිපතිවරයා සමග 21 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද මෙම සංචාරය සදහා සහභාගී වී සිටියහ.

    මෙම පිරිස ඊයේ රාත්‍රී 11.35 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

    මෙම පිරිස ඉකුත් 21 දින අලුයම මෙම සංචාරය සදහා පිටත්ව ගියේය.

    Last modified on සදුදා, 28 ඔක්තෝබර් 2019 07:28

    Latest News