107% ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම 2020 දී හිමිවනවා; චින්තන බණ්ඩාර

ඔක් 27, 2019

    රාජ්‍ය සේවකයන්ට 107% ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම 2020 දී හිමිවන බව “එක්ව පෙරට-වැඩබිමේ අපි“ සංවිධාන පවසයි.

    එම සංවිධානය පිහිටුවා ඇත්තේ, රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, සිවිල් යන වෘත්තිය සමිති ඒකාබද්ධවයි.

    එහිදී අදහස් දැක්වූ එක්ව පෙරට වැඩබිමේ අපි සංවිධානයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා...

    “2015ට පෙර පැවති රජයන් දිහා බැලුවම රාජ්‍ය සේවකයන් විවිධාකාරයේ පීඩන ගණනාවකට ලක්වුණා. ජීවත් වීමට සරිලන වැටුපක් රාජ්‍ය සේවකයන්ට ලැබුණේ නැහැ. 2015 රජය පත්වන විට මෙන්ම මේ රාජ්‍ය සේවකයන් ලබමින් සිටිය වැටුප දෙගුණයක් කරලා, 107%ක වැටුප් වැඩිවීමක් 2020 ජනවාරි වනකොට රාජ්‍ය සේවකයන්ට. ඉතිහාසයේ කිසිදු රජයක් මෙවැනි වැටුප් වැඩිවීමක් රාජ්‍ය සේවකයන්ට ලබාදීලා නැහැ. මහින්ද රාජපක්‍ෂ මහත්මා වසර ගණනාවක් මේ රට පාලනය කළා පාලනය කරපු ඒ රජයන් දෙකේදීම රාජ්‍ය සේවකයන්ගේ ජිවන වියදමත් එක්ක සරිලන විට ඉතාම සොච්චම් වැටුපක් තමයි වැඩි කළේ. අග්‍රහාර රක්‍ෂණයෙන් දීපු ප්‍රතිලාභ හා සංසන්දනය කළාම සියයට 500කට වඩා ප්‍රතිලාභ අද වෙනකොට වැඩි කරලා තියෙනවා“ යැයි චින්තක බණ්ඩාර මහතා පැවසීය.

    Latest News