රාජ්‍ය සේවය ඵලදායි සේවයක් බවට පත් කරනවා; ගෝඨාභය රාජපක්‍ෂ

ඔක් 27, 2019

    රාජ්‍ය සේවය ඵලදායි සේවාවක් බවට පත්කිරීමට සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

    ඔහු මේ අදහස් පළ කළේ වියලුව මීගහකිවුල නගරයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

    ජනහමුව ඇමතූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා....

    පස්සර නගරයේ දී තවත් ජනහමුවක් ඊයේ පැවැත්විණ. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන්, පස්සර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායක චාමර සම්පත් දසනායක මහතා ජනහමුව සංවිධාන කළේය.

    “අපි පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කරලා තියෙනවා සෑම ක්‍ෂෙත්‍රයකම කෘෂිකර්මාන්තය වේවා, ව්‍යාපාර වේවා, තාක්‍ෂණය මුල් වුණු ව්‍යාපාර වේවා මේ සෑම අංශයකින්ම ඉදිරියට යන්නට. ඒවාගේම සංචාරක කර්මාන්තය මේ සියල්ලක්ම ඉදිරියට ගෙන යන්නට පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කරලා තියෙනවා. ගොවි ජනතාව ජීවත් කරලීම සඳහා අපි ගොවි ණය විවිධ හේතූන් නිසා ගෙවා ගන්න බැරි ගොවි ණය සම්පුර්ණයෙන්ම කපා හරිනවා කියන එකත් ඊයේ ප්‍රකාශ කළා. ඒ වගේම අපි දන්නවා එදා ගම්මිරිස් ගොවියා විශාල මුදලක් ලබාගත්තා. අපි දන්නවා වෙන රටවල්වලින් බාල ගුණාත්මක භාවයෙන් අඩු ගම්මිරිස් ගෙනල්ලා අපේ ගම්මිරිස් සමඟ කවලම් කරලා ප්‍රති-අපනයනය කරන හේතුව නිසා ගම්මිරිස්වලට මිලක් හදලා දෙන්නේ නැහැ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අපි පොරොන්දුවක් දුන්නා මේ රටේ ගොවියා ආරක්ෂා කිරීම සඳහා, දේශීය වගාව ආරක්ෂා කිරීම සඳහා සියලුම ඒ පිටරටවලින් ගේන බෝග තහනම් කරනවා කියලා අපි පොරොන්දුවක් දුන්නා. විශේෂයෙන් අපේ රජයක් යටතේ විශේෂයෙන් රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කරන්න ඕනේ. තමුන්නාන්සේලාගේ සෑම දෙයක්ම කරන්නේ රාජ්‍ය සේවකයින්. ඒ අය තීරණ ගන්නේ නැත්නම්, තීරණ ගන්න මැලිවෙනවා නම්, කාර්යක්‍ෂම නැත්නම්, සුදුසු පුද්ගලයන් සුදුසු තැන නැත්නම්, දේශපාලන බලපෑම් තියෙනව නම් තමුන්නාන්සේලාගේ සේවාවන් ඉටුවන්නේ නැහැ. අපි අපේ රජයක් යටතේ නැවතත්, රාජ්‍ය සේවය ඵලදායි සේවයක් බවට පත්කරනවා තමුන්නාන්සේලා වෙනුවෙන්.

    “අපි සකස් කළේ විශේෂයෙන්ම මේ රටේ ඉන්න උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන්, ඒවගේම ගම සමඟ පිළිසඳරක් මගින් මේ ප්‍ර දේශවාසී තමුන්නාන්සේලාගේ අදහස් ලබාගෙන, ඒ ප්‍රශ්න ගැන අවබෝධයක් ඇති කරගෙන, ඒවට පිළිතුරු හොයලා අපි ඒ විසඳුම් දීලා තියෙනවා. විශේෂයෙන්ම අද ලංකාවේ සියයට 70ක් පමණ ජීවත් වෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල. 31%ක් පමණ කෘෂිකර්මාන්තය මගින් යැපෙනවා. අද අපි ඉදිරිපත් කරලා තියෙන වැඩසටහනින් අපි කෘෂිකර්මාන්තය වෙනුවෙන් විශේෂ සැලකිල්ලක්, ප්‍රමුඛත්වයක් ලබාදීලා තියෙනවා. අපි ගොවි ජනතාව ජීවත් කරවීම සඳහා මේ රටේ කෘෂිකර්මාන්තය දියුණු කරලා ආහාරවලින් ස්වයංපෝෂිත සඳහා, ආහාර සුරක්‍ෂිතභාවය ලබාගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කරලා තියෙනවා“ යැයි

    Latest News