ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන බවට ගෝඨාභයගෙන් පොරොන්දුවක්

ඔක් 25, 2019

    ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට පළාත් පාලන ආයතන සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දෙන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ මහනුවර තෙල්දෙණියේ පැවති ජනහමුවට එක්වෙමින්. එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා....

    “රාජ්‍ය සේවය ක්‍රියාශීලි වෙන්නට ඕනේ. අපි එදා මේ රටේ ක්‍රියාශීලි රාජ්‍ය සේවයක් ඇති කරලා තමයි විශාල සංවර්ධනයක් අපි ඇති කරගත්තේ. ඉදිරියේදී අපි රජයේ තියෙන සියලුම විශේෂයෙන්ම ව්‍යාපාරික ආයතන මේවායේ අපි පත් කරන්නේ වෘත්තිකයන්. හැකියාවක් තියෙන, දක්‍ෂතාවයක් තියෙන. අද විශාල ප්‍රමාණයක් තියෙනවා පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර. මේවා භාණ්ඩාගාරයට බරක් වෙලා තියෙනවා. මේවා ලාභ ලබන ආයතන බවට පත්කරන්න පුලුවන්. එදා අපි නාගරික සංවර්ධන අධිකාරිය, පහත් බිම් සංවර්ධන අධිකාරිය, ලාභ ලබන ආයතන බවට අපට සේවාවක් සිදු කරන, කොළඹ නගරය ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණුවන නගරය බවට පත් කරන්න පුලුවන් වුණේ මේ අපේ රටේ ඉන්න ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, නගර නිර්මාණ ශිල්පීන් මේ අය මාර්ගයෙන්. අපි මේ අයට පැහැදිලි අරමුණක් ලබාදීලා, ඔවුන්ගේ මානසිකත්වය ඉහළට ගෙනල්ලා, පැහැදිලි නායකත්වයක් ලබාදුන්නා. ඒ හේතුකොට ගෙන අපට පුලුවන් වුණා රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කරලා ඒ ප්‍රතිඵල ලබාගන්න. අපේ රජයක් යටතේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික පදනම වන පළාත් පාලන ආයතන ශක්තිමත් කරලා ගම දියුණු කරන්න ක්‍රියාත්මක කරනවා කියන එකත් මේ අවස්ථාවේදී තමුන්නාන්සේලා කියන්නට ඕනේ“ යැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

    Latest News