කොකේන් සමඟ විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඔක් 25, 2019

    කොකේන් මත්ද්‍රව්‍ය සමඟ විදෙස් ජාතිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

    කැළණිය දුෂණ මර්දන අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

    ඔවුන් සතුව තිබී කොකේන් ග්‍රෑම් 208 පොලිස් බාරයට ගෙන ඇත.

    සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 35 සහ 44 වියේ පසුවන නයිජීරියා ජාතිකයින් වන අතර, ඔවුන් අද අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News