තම පාලනයක් යටතේ රාජ්‍ය සේවකයා ශක්තිමත් කරනවා; ගෝඨාභය රාජපක්‍ෂ (වීඩියෝ)

ඔක් 24, 2019

    තම පාලනයක් යටතේ රාජ්‍ය සේවකයා ශක්තිමත් කරන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, කොත්මලේ ඊයේ පැවති ජන රැලියකට එක්වෙමින්. එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා....

    “අපේ රජයක් යටතේ රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කරනවා. වැඩ කරන්න හැකි නිලධාරීන්ව අපි පත්කරනවා. ඒ අයට තීන්දු, තීරණ ගන්නට රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් නොබියව තීරණ ගැනීමට හැකිවන පරිදි ඔවුන්ව අපි නීතියෙන් ආරක්‍ෂා කරනවා. එදා විශාල සංවර්ධනයක් මේ රට තුළ ඇති කළා. කෘෂි කර්මාන්තය, වැවිලි කර්මාන්තය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන කණ්ඩායමක්. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ගොවි ජනතාව වෙනුවෙන් විශ්වාසය තියලා තමයි පොහොර සහනාධාරය ලබාදුන්නේ. නැවතත් මේ රටට කසල තේ ගෙන එන්නට ඉඩ දෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ තේවලට තිබෙන නියම මිල ලබාදෙනවා. එදා ශ්‍රී ලංකාවේ තේ ඉහළම තත්වයේ පැවතුණත්, අද එය තිබෙන්නේ හතරවැනි තත්වයේ. රාජ්‍ය අනුග්‍රහය ලබාදීලා නැවතත් ලංකාවේ තේවලට සුදුසු තැන ලෝකයේ වෙළෙඳ පොලේ නිසි තැන ලබාදීලා එයින් තේවලට හොඳ මිලක් ලබාදීමට හැකිවන බව. වතු කම්කරුවන්ට රුපියල් දාහක වැටුපක් ලබාදෙනවා නෙමෙයි, එයට එහා ගිය ජීවන තත්වය ඉහළ ගෙන ඒමට සහ නිපුණත්වයක් ලබාදීමට ගැන අපි සාකච්ජා කරලා තියෙනවා“ යැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2019 22:37

    Latest News