රියදුරුට මරු කැඳවමින් මින්නේරිය අනතුරින් 46කට තුවාල

ඔක් 24, 2019

    මින්නේරිය - පරණ දේවාල හන්දිය අසළ දී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබේ. 46 දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

    කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ ලංගම බස් රථයක් මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටී තිබේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ ලංගම බස් රථයේ රියදුරුයි. තුවාල ලැබූවන් මින්නේරිය හා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2019 07:29

    Latest News