පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය - විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට

ඔක් 23, 2019

    පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කෙරුණු විශේෂ කාරක සභාවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

    මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පාර්ලිමේන්තුවේදී අද පැවැත්විණ. අදාළ වාර්තාව සහ එහි නිර්දේශ පිළිබඳ මෙහිදී දැනුවත් කෙරිණ. වාර්තාවට සමගාමීව නිර්දේශ 8ක් ඉදිරිපත් කර තිබේ. ආරක්‍ෂක හා බුද්ධි අංශයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ, ශක්තිමත් මූල්‍ය අධීක්‍ෂණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම, ආගමික අන්තවාදයේ නැගීම පාලනය කිරීම හා අධීක්‍ෂණය කිරීමේ අවශ්‍යතාව, අධිකරණ ප්‍රමාද සම්බන්ධයෙන් කටයුතු කිරීම, නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම, වහබ් වාදය හා ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව, මාධ්‍ය වාර්තාකරණය, ව්‍යාජ පුවත් සහ අනෙකුත් ක්‍ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කිරීම, දේශපාලනඥයන්, ජනතා නියෝජිතයන් වගවීමට සැලැස්වීම නැගී එන අන්තවාදය මැඩලීම පිණිස අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ එම නිර්දේශයි.

    Latest News