ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉතා සාර්ථකයි; ඩලස් අලහප්පෙරුම (වීඩියෝ)

ඔක් 23, 2019

    ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉතා සාර්ථකව සිදුවන බව, ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පවත්වනු ලැබූ ප්‍රථම මාධ්‍ය හමුවට එක්වෙමින්. එහිදී අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා...

    “ප්‍රාදේශීය නායකයන් සහභාගි වන රැස්වීම් මාලාව, හය දහසකට වැඩිය ඊයේ මධ්‍යම රාත්‍රිය වනවිට නිමා කරලා හමාරයි. 87ක් ආසන මට්ටමේ රැස්වීම් නිමා කරලා හමාරයි. දිස්ත්‍රික් රැස්වීම් 26න් තුනක් ඊයේ රාත්‍රී වනවිට නිමා කරලා හමාරයි. මේ වනවිට දිස්ත්‍රික් කාර්යාල 22කම විවෘත කරලා හමරායි. නියෝජිත කාර්යාල අට දහසකට වැඩිය ඊයේ සවස් වනකොට විවෘත කරලා හමාරයි. පළමු වටයේ, දෙවන වටයේ කැන්වසින් ව්‍යාපාරය සමාප්ත කරලා තියෙන්නේ. තුන්වන වටය නොවැම්බර් පළමුවැනිදා ක්‍රියාත්මක වනවා. මැතිවරණ නීතිය උල්ලංඝණය නොකරන ලෙස පාක්‍ෂිකයන් සියල්ලම දැනුවත් කරලා තියෙන්නේ“ යැයි ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

    වීර කුමාර දිසානායක මහතා...
    “ලක්‍ෂ 67ක් ඡන්ද මේ පක්‍ෂ දෙක එකතුවීමෙන් අතේ තියෙන එකම අපේක්‍ෂකයා මේ මැතිවරණ ව්‍යාපාරයේ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විතරයි. 25 ඉඳලා අපි සියලුම තැන්වලට උපදෙස් දීලා තියෙනවා ආසන බලමණ්ඩල රැස්වීම් කැඳවලා ඒ මුළු ශක්තියම ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට මැතිවරණ ව්‍යාපාරයට එකතු කරන්න. අද අගමැතිතුමා කියනවා සජිත්ට පුළුවන්ලු මේක හදන්න. අගමැතිතුමා පිළිගන්නවා එතුමා මොකුත්ම කරලා නැහැ. සජිත් ප්‍රේමදාස කියන්නේ මේ ආණ්ඩුවේ කොටසක්. එක්සත් ජාතික පක්ෂය 2015න් පස්සේ නොකරපු දෙයක් කොහොමද මෙතනින් එහාට කරන්නේ“ යැයි වීරකුමාර දිසානායක මහතා පැවසීය.

    Last modified on බදාදා, 23 ඔක්තෝබර් 2019 20:01

    Latest News