හෙට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි (වීඩියෝ)

ඔක් 23, 2019

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල, උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් බලාපොරොත්තු විය හැකියි. බස්නාහිර පළාතේ, ගාල්ල, මාතර, යාපනය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත්, වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව, ඌව හා වයඹ පළාත්වලත්, කළුතර, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

    Last modified on බදාදා, 23 ඔක්තෝබර් 2019 20:00

    Latest News