තාජුදීන් ඝාතනයේ සාක්ෂි වසන්කළැයි, අනුර සේනානායකට එරෙහි නඩුව නො.07 යළිත්

ඔක් 23, 2019

    රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළ සාක්ෂි වසන් කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය නොවැම්බර් මස 07 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

    එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විත්තිකාර අනුර සේනානායක මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටියේය. ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මේ වනවිට අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දන්වා සිටියේය. එම නිසා නඩු විභාගය අවලංගු කර කැඳවීම් දිනයක් ලබා දෙන්නැයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත නොවැම්බර් මස 7 වනදා කැඳවීමට නියම කළේය. වසීම් තාජුදීන් ඝාතන සිද්ධිය පිළිබඳව සාක්ෂි වසන් කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

    Last modified on බදාදා, 23 ඔක්තෝබර් 2019 12:29

    Latest News